අවලෝකේතීශ්වර බෝධිසත්වයන් වහන්සේ බවට තමන්ව හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන විකෘති දේශනා කළැයි කියන පුද්ගලයා අද (15) පන්නිපිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයෙකි.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.ෙ
අත්අඩංගුවට ගත් සැකකරු ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.